නෙදර්ලන්තය පැරදූ ලංකාවට ලකුණු 83ක ජයක්

ශ්‍රී ලංකාවේ ලෝක කුසලාන සංචාරය ජයග්‍රහණයකින් අවසන් කිරිමට ශ්‍රි ලංකාව අද සමත්විය. ඒ නෙදර්ලන්තය සමගින් පැවැති තරගය ලකුණු 83කින් ජය ගනිමිනි.

තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකු‍ණු 201/6 රැස්කළේය. පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ නෙදර්ලන්තයට රැස් කළ හැකිවූයේ ලකුණු 118ක් පමණි.

පන්දු 21කින් ලකුණු 46ක් හා පන්දු රැකීමේදි උඩ පන්දු දෙකක් රැක ගත් චරිත් අසලංක තරගයේ වීරයා ලෙස සම්මාන ලැබිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *