රවී

සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එළියට දානවා – රවී

සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.

මේ වන විට හතු පිපෙනවා සේ හැදෙන සන්ධාන වලින් වැඩක් නැතැයි කී කරුණානායක මහතා ඇතැම් සන්ධාන බිඳ වැටෙමින් තිබෙන බව කීය.

එළඹෙන මැයි දින සැමරුම හරහා එක්සත් ජාතික පක්ෂයේ බලය පෙන්වීමට සූදානම් බව කී කරුණානායක මහතා  පක්ෂය හැරගිය උදවියගෙන් 90%ක් පමණ නැවත පක්ෂයට එකතු වීමට සාකච්ඡා කරමින් සිටින බව සඳහන් කළේය.

කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් රවී කරුණානායක මහතා මේ බව සඳහන් කළේය. හැමදාමත් එක්සත් ජාතික පක්ෂය ශක්තිමත්ව බලයේ සිටි අවස්ථාවේ රට සංවර්ධනය වූ බව කී කරුණානායක මහතා එක්සත් ජාතික පක්ෂය දුර්වල වූ අවස්ථාවේ රට බංකොලොත් වූ බව කීය.

වැඩ කරන,රට හදන සන්ධානයක් නිර්මාණය කරමින් සිටින බව කී කරුණානායක මහතා  රට වෙනුවෙන් නිවැරදි තීන්දු තීරණ ගන්න නොහැකි  පාර්ශව සමඟ සන්ධාන හදා තේරුමක් නැතැයි පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *