Prasanna Ranaweera

මාස දෙකට මිලියන 983.7 ක අපනයන ආදායමක්

ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පැවසීය.

ජනවාරි, පෙබරවාරි මාස දෙකේ පමණක් සංචාරකයන් ලක්ෂ 5ක් පමණ දිවයිනට පැමිණ තිබෙන අතර රටේ සිටින ව්‍යවසායකයන් ප්‍රමාණය 2.5% සිට 3%ක් දක්වා වර්ධනය කර ගැනීමට ද හැකියාව ලැබී ඇතැයි ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම දත්ත මඟින් රට මේ වන විට නිවැරදි ආර්ථික මඟක ගමන් ගන්නා බව තහවුරු කෙරෙන්නේ යැයිද රාජ්‍ය අමාත්‍යවරයා කීය.

ප්‍රසන්න රණවීර මහතා මේ බව කීවෙි ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (28) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *