පොලිස්පතිගේ පත්කිරීම අභියෝගයට ලක්කළ පෙත්සම් දෙකක්

පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා ව පත්කිරීම අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් සලකා බැලීම සඳහා දින නියම කර තිබේ.

අදාළ මුලික අයිතිවාසිකම් පෙත්සම් අප්‍රේල් මස 02 වනදා කැඳවන ලෙස ප්‍රීති පද්මන් සුරසේන මහතා ඇතුළු ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළ බව අධිකරණ වාර්තාකරු පැවසීය.

ඒ අනුව මෙම පෙත්සමේ වගඋත්තරකරුවන්ට යළි නොතිසි යොමුකරන ලෙස ද පෙත්සම්කාර පාර්ශවයට අධිකරණය නියම කර තිබුණි.

තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සහ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් එම පෙත්සම් දෙක ඉදිරිපත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *