යුක්රේනයේ ජාත්‍යන්තර භෞමික ආරක්ෂක බලකායේ පළමු විශේෂ බලකායේ අණදෙන නිලධාරියා වූ කපිතාන් රනිෂ් හේවගේ ඇතුළු ශ්‍රී ලංකා හමුදාවේ හිටපු සාමාජිකයින් තිදෙනෙක් සඳුදා රුසියානු හමුදා ප්‍රහාරයකින් මිය ගියහ.
ගලවා ගැනීමේ මෙහෙයුමක් අතරතුර යුක්රේනයේ බක්මුට් නගරයේදී කපිතාන් හේවගේ සහ ඔහුගේ සෙසු ශ්‍රී ලාංකික හිටපු හමුදා නිලධාරීන් දෙදෙනා මිය ගිය බව වාර්තා පවසයි. යුක්රේන සොල්දාදුවන් අතර කපිතාන් හේවගේ හඳුන්වනු ලබන්නේ ‘දන්ත වෛද්‍යවරයා’ යන නමිනි.
රනිෂ් හේවගේ ශ්‍රී ලංකා යුද හමුදාවේ 1 වන කමාන්ඩෝ රෙජිමේන්තුවේ කපිතාන්වරයෙකු ලෙස සේවය කිරීමෙන් අනතුරුව 2018 වසරේදී විශ්‍රාම ගියේය. හමුදාවෙන් ඉවත් වූ ඔහු ඩුබායි හි පෞද්ගලික ආයතනයක විධායක නිලධාරියෙකු ලෙස සේවයට බැඳුණි.
ඒ අනුව, 2022 මාර්තු මාසයේදී ඔහු ඩුබායි සිට යුක්රේනයට පැමිණ යුක්රේනයේ ආරක්ෂාව සඳහා වන ජාත්‍යන්තර හමුදාවට සම්බන්ධ විය.
යුක්රේන ජනාධිපතිවරයා විසින් යුක්රේන ජනාධිපතිවරයා විසින් යුධ පිටියේ දැක්වූ නිර්භීතකම වෙනුවෙන් කපිතාන් හේවගේට උසස්වීමක් ලබා දී ඇති බවද වාර්තාවල සඳහන් වේ.