ආණ්ඩුව බිද වැටී ඇති බව ජනපති පිලිගනී…

පාර්ලිමේන්තුවෙ 113ක සරල බහුතරය පෙන්වන කණ්ඩායමකට ආණ්ඩුවක් පිහිටුවීමට අවස්ථාව ලබා දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ඒ මහතා මේ බව පෙන්වා දී ඇත්තේ අද පස්වරුවේ රැස් වූ ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් හමුවේදීය.

තමාට අවශ්‍ය වන්නේ රට අස්ථාවර කිරීමට නොවන බව හෙතෙම සඳහන් කර ඇත.

මේ අතර වාර්තා වන්නේ මෙතෙක් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයට තිබූ සරල බහුතරය අහිමි වී ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *