පවතින ජාතික අර්බුදය විසඳීම සඳහා විසඳුම් සෙවීම සඳහා එක්වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂවලට ආරාධනා කර තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, අමාත්‍ය ධූර භාරගෙන ජාතික අර්බුදය විසඳීමට සහය වන ලෙස ජනාධිපතිතුමා සියලු දේශපාලන පක්ෂවලට ආරාධනා කර ඇති බවයි.
වත්මන් ජාතික අර්බුදය හටගෙන ඇත්තේ රටේ පවතින ආර්ථික අර්බුදය සහ ගෝලීය ගැටලු හේතුවෙන් බවයි ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ.
පුරවැසියන්ගේ සහ අනාගත පරපුරේ ප්‍රයෝජනය සඳහා ජාතික ප්‍රයත්නයක් ලෙස සියලු පාර්ශ්ව එක්විය යුතු බව ඔහු පැවසීය.