තණමල්විල ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ සුලු භූ කම්පනයක් ඇතිව තිබේ.
භූ විද්‍යා හා පතල් කාර්යාංශය පැවසුවේ ඊයේ රාත්‍රී 09 යි 20 ට පමණ එම භූ කම්පනය සිදුවී ඇති බවයි.
එම භූ කම්පනයේ ප්‍රබලතාව රිච්ටර් මාපාංක ඒකක 02 ක පමණ ප්‍රබලත්වයක් ගෙන ඇති බවද භූ විද්‍යා හා පතල් කාර්්‍යංශය සඳහන් කළා.
කෙසේ වෙතත් එම සිද්ධියෙන් කිසිදු ජීවිත හෝ දේපළ හානියක් වාර්තා වී නොමැති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.