නිරෝධායන නීති කැඩූ පිරිස ඉහළට

නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීම සහ නිරෝධායන රීති කඩකිරීම් සම්බන්ධව පුද්ගලයන් 502ක් ගතවූ පැය 24ක කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

ඊට පෙර එම සංඛ්‍යාව වාර්තා වී තිබුණේ පුද්ගලයින් 452ක් ලෙසය.

ඒ අනුව නිරෝධායන නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධව මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සංඛ්‍යාව 56,796කි.

මේ අතර බස්නාහිර පළාතට ඇතුලුවන සහ පිටවන ස්ථාන 13ක ස්ථාපිත කර ඇති මාර්ග බාධකවලදී ඊයේ දිනය තුළ වාහන 757ක් සහ පුද්ගලයන් 1,509ක් පරීක්ෂාවට ලක්කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *