දිස්ත්‍රික්ක හතරකට අයත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරේ

දිස්ත්‍රික්ක 04 කට අයත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කර තබෙනවා. ඒ, අද උදෑසන 06 යේ සිට බලපැවැත්වෙන පරිදියි. මොණරාගල දිස්ත්‍රික්කයේ බිබිල පොලිස් බල ප්‍රදේශයේ කනුල්වෙල ග්‍රාම නිලධාරී වසම, කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොල පොලිස් බල ප්‍රදේශයේ හල්ලව ග්‍රාම නිලධාරී වසමේ නියදුරුපොල අංක 01,02,03 සහ 04 යන වතු නිවාස එලෙස හුදෙකලා කර ඇති ප්‍රදේශ කිහිපයක්.

කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට පොලිස් බල ප්‍රදේශයට අයත් කන්නගම ග්‍රාම නිලධාරී වසමේ දේවාලකන්දවත්ත කොටස සහ ගොඩම්පල ග්‍රාම නිලධාරී වසමේ පඹේගමවත්ත ද අද උදෑසන 06 යේ සිට හුදෙකලා කර තිබෙනවා.

කලුතර දොඩන්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ ඇලදූව ග්‍රාම නිලධාරී වසමේ ඇලදූවවත්ත සහ ගාල්ල ඇල්පිටිය පොලිස් බල ප්‍රදේශයේ පරණ කොළණිය ග්‍රාම නිලධාරී වසමට අයත් දිවිතුරුවත්ත ප්‍රදේශය ද අද උදෑසන 06 යේ සිට හුදෙකලා කළ බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ.

මේ අතර ඊයේ දිනය තුළ තවත් කොරෝනා ආසාදිතයන් 1,717 දෙනෙකු වාර්තා වූ බවද යුද හමුදාපතිවරයා වැඩි දුරටත් සදහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *