මෙරට පොලිස් අත්අඩංගුවේ දී සැකකරුවන් මියයාම සහ පොලීසිය හා අපරාධ කල්ලි සාමාජිකයින් අතර ඇතිවන ගැටුම්වලදී පුද්ගලයින් මියයාම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් මිෂෙල් බැෂෙලේ මහත්මිය පවසයි.
මේ සම්බන්ධයෙන් කඩිනම් ස්වාධීන පරීක්ෂණයක් සිදුකළ යුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 47 වන සැසිවාරය අමතමින් ඇය සඳහන් කළාය.