“2020 වසරේ සෑම උත්සවයක් වගේ අපිට සමරන්න අවස්ථාවක් ලැබුණේ නෑ. සිංහල දමිළ අලුත් අවුරුද්ද, වෙසක් උත්සවය අපිට රිසි සේ පවත්වා ගැනීමට අවස්ථාවක් ලැබුනේ නෑ. ලෝක වසංගතයෙන් ශ්‍රී ලංකාවත් රටේ ජනතාව බේරා ගැනීම සඳහා මෙම උත්සව අවස්ථාවන් යම්කිසි පාලනයක් යටතේ තමයි පවත්වාගෙන යන්නේ. මේ අවස්ථාවේදීත් ඉදිරි සති දෙකක් ඇතුළත එළඹෙන නත්තල් උත්සවය පෙර වසරවල් වල මෙන් සැමරීමට අවකාශයක් නෑ. කොවිඩ් පාලනයවීම තීරණය වෙන්නේ ජනතාවගේ හැසිරීම අනුවයි. එකට එකතු වී විනෝදවීමට මේ කොවිඩ් වසංගතය හමුවේ අවස්ථාවක් නෑ. ශ්‍රී ලාංකිකයන් බුද්ධිමත් ඔවුන් මේ තත්ත්වය තේරුම් ගනීවි. දැනට නිරෝධායන ඇඳිරිනීතිය යෙදවීමට හෝ හුදකලා කිරීමට බලාපොරොත්තුවක් නෑ. නමුත් 22 වනදා 23 වනදා වනවිට රටේ තිබෙන කොවිඩ් තත්ත්වය අනුව ගතයුතු තීරණ ජනාධිපතිතුමා ප්රමුඛ රජය විසින් ගනීවි “ බව ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
.