මද්රසා පාසල් පැවැත්වීම හා එහි ඉගැන්වීම් පිලිබඳ විනිවිද භාවය විමසමින් පසුගිය පාස්කු ප්‍රහාරයෙන් පසු විශාල ගැටලුවක් සමාජය තුල පැන නැගුන බව කවුරුත් දන්නා කරුණකි. මීට අමතරව මද්රසා පාසල් වල ඉගැන්වීම් සදහා වෙනත් රටවලින් ගුරුවරුන් ගෙන්වා ගැනීමට අවසර ඉල්ලා තිබුනි මේ අනුව මේ ක්‍රියා වලියට අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍ය ජී එල් පීරිස් මහතා පැවසුවේ, මද්රසා පාසල් වල ඉගැන්වීමට වීසා ඉල්ලමින් විදේශයන්හි සිට ලංකාවට පැමිණෙන අය පිළිබඳව දැඩිව අධීක්ෂණය කළ යුතු බවත්,
ඔවුන්ගේ පසුබිම අතීත හැසිරීම සොයා නොබලා පාසල්වල ඉගැන්වීමට යෙදවීම වගකීම් විරහිත ක්‍රියාවක් බවත්, ආගමන විගමන දෙපාර්තමේන්තුව සහ බුද්ධි අංශ සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් අදාල පුද්ගලයන්ගේ තොරතුරු හා පසුබිම සොයා බැලීමට වත්මන් රජය ක්‍රියා කරන බවත්, උක්ත පාසල් වල ඉගැන්වීමට අවසර ලබාදෙන පුද්ගලයින් සම්බන්ධයෙන් මෙන්ම උගන්වනු ලබන පාඨමාලා, සිසුන් බඳවා ගන්නා ආකාරය ඇතුළු සියලු කරුණු අධ්‍යාපන අමාත්‍යංශය විසින් අධීක්ෂණය කිරීමට නියමිත බවත්ය.