ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය, ජා-ඇල, මිගමුව, රාගම, වත්තල, පෑලියගොඩ සහ කඩවත යන පොලිස් බලප්‍රදේශ තවදුරටත් හුදෙකලා ප්‍රදේශ වශයෙන් පවතින බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
ඒ හැර දැනට හුදෙකලා කොට ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ සෙසු ප්‍රදේශ අද (15) උදෑසන 5.00 සිට හුදෙකලා භාවයෙන් මුදවනු ලබන බවයි යුද හමුදාපතිවරයා පවසා සිටින්නේ.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් ඊයේ (14) රාත්‍රියෙදී නිකුත් කරනු ලැබූ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.