මිට පෙර රනිල් වික්‍රමසිංහ තබා තිබු මනාප වාර්තාව බිඳ දැමීමට මහින්ද රාජපක්ෂ මහතා සමත්ව තිබේ. කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකුත් වී ඇති මනාප ප්‍රතිඵල වලට අනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මනාප ලක්ෂ 05 කට අධික සංඛ්‍යාවක් ලබා ගැනීමට සමත්ව තිබේ. ඒ අනුව මෙවර මහ මැතිවරණයේ විශිෂ්ඨ ජයග්‍රහණයකට හිමිකම් කියූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කණ්ඩායම් නායක මහින්ද රාජපක්ෂ මහතා මෙම මස 09 වෙනිදා අග්‍රාමාත්‍යධුරයේ දිවුරුම් දීමට නියමිත බවටත්, නව ඇමති මණ්ඩලය අගෝස්තු 10 හෝ 11 දිවුරුම් දෙනු ඇති බවටත් වාර්තා වේ.
කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හා සමගි ජන බලවේගයේ අපේක්ෂකයන් ලබාගත් මනාප සංඛ්‍යාවන් පහතින් දැක්වේ.