එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා පහරදීමකින් තුවාල ලබා ඊයේ (22) පස්වරුවේ කළුතර නාගොඩ රෝහලට ඇතුලත් කර තිබේ.
පානීය ජල නළ පද්ධතියට බට එලන අයුරු පරීක්ෂා කිරීමට මතුගම වෑකන්දල ප්‍රදේශයට ගිය අවස්ථාවේදී එම කටයුතු භාරව ක්‍රියා කරන කොන්ත්‍රාත් සමාගමේ නිලධාරීන් සමඟ ඇති වූ බහින් බස් වීමකින් අනතුරුව ඇති වූ පහර දීමකින් හිටපු අමාත්‍ය වරයා අසළ ඇති කාණුවකට ඇද වැටී ඇති බව වාර්තා වේ.
එහිදී ඔහුගේ එක් කකුලකට බරපතළ තුවාල සිදුවීම නිසා කළුතර නාගොඩ රෝහලට ඇතුලත් කර ඇත.