කන්දකාඩු මත්ද්‍රව්‍යට ඇබ්බැහිවූන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානය මුල් කරගෙන ඇතිවී තිබෙන කොවිඩ් 19 ව්‍යාප්තිය බාහිර සමාජයට පැතිරීමේ අවදානමක් පවතින බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා අද (12) පැවැති මාධ්‍ය හමුවකදී පවසා සිටියා. අදාල මධ්‍යස්ථානය හා සමාජය අතර යම් යම් සම්බන්ධතා ඇති වී තිබීම හේතුවෙන් මෙවැනි අවදානමක් ඇති වී තිබෙන බව ඔහු එහිදී පෙන්වා දෙනු ලැබීය.
අවදානම් කලාප සම්බන්ධයෙන් ගත යුතු තීරණය කුමක්ද යන්න හදුනාගැනීම සඳහා විශේෂ සමීක්ෂණයක් සිදුකරමින් පවතින බවත් එම සමීක්ෂණයේ තොරතුරුවලට අනුව අවදානම් තත්ත්වය සැලකිල්ලට ගෙන එම ප්‍රදේශ වෙත සීමාවන් පැනවීය යුතුද යන්න තීරණය කරන බවත් වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසා සිටියා.