රාජාංගනයේ තැපැල් ජන්දය කල් යයි

දිවයින පුරා තැපැල් ජන්ද විමසීම හෙට ආරම්භ වීමට නියමිතව තිබුණත්, කොරෝනා තත්ත්වය මත රාජාංගනය ප්‍රදේශයේ පවුල් කිහිපයක් නිරෝධායනයට ලක් කොට තිබීම හේතුවෙන් රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තැපැල් ජන්ද විමසීම කල් දැමීමට තීරණය කළ බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි ආර්.එම්. වන්නිනායක ප්‍රකාශ කර සිටී.

දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරිවරයා වැඩි දුරටත් පවසා සිටියේ අනුරාධපුරය දිස්ත්‍රික්කයේ සෙසු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල තැපැල් ජන්ද ලකුණු කිරීම හෙට දිනයේ සාමාන්‍ය පරිදි පැවැත්වෙන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *