සංවිධානාත්මක අපරාධකල්ලි සාමාජිකයෙකු වන “බැබුන්” නමින් හදුන්වන ක්‍රිෂාන් නිලංග දාබරේ නැමැත්තා හෙරොයින් සමග ඊයේ (06) රාත්‍රියේ අතුරුගිරිය ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සැකකරු 26 හැවිරිදි ග්‍රමෝදය ගම, අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර මොහු මනුෂ්‍ය ඝාතන කිහිපයකට සම්බන්ධ ප්‍රධාන සැකකරු බවටත්, දැනට විදේශ රටක සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ සමීපතමයෙකු බවටත් අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු අතුරුගිරිය පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති අතර අද (07) කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.