විශ්ව විද්‍යාල සිසුන්ට රාත්‍රී හතෙන් පසු විශ්ව විද්‍යාල පරිශ්‍රය තහනම්

ජාතික විශ්ව විද්‍යාල පද්ධතියට අයත් සියලූ විශ්ව විද්‍යාලවල අධ්‍යයන කටයුතු නැවත ආරම්භ කිරීමට අද සිට අවසර ලබා දෙන බව විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග පවසනවා. ඒ කොන්දේසි 11 කට යටත්වයි.

සභාපතිවරයා කියා සිටින්නේ එක් එක් විශ්ව විද්‍යාලයන්හි පීඨවලට අදාළ අධ්‍යයන කටයුතු ඇරඹෙන දිනයන් කවරේද යන්න තීරණය කිරීමේ බලය අදාළ විශ්ව විද්‍යාලවල උප කුලපතිවරුන්ට වෙත පැවරෙන බවයි.

එමෙන්ම කිසිදු හේතුවක් මත රාතී‍්‍ර හතෙන් පසු විශ්ව විද්‍යාල පරිශ්‍රයේ රැඳී සිටීමට සිසුන්ට අවසර නොලැබෙන අතර, ක‍්‍රීඩා ඇතුළු බාහිර ක‍්‍රියාකාරකම් සඳහාද අවසර ලබා නොදේ. මීට අමතරව තවත් කොන්දේසි කිහිපයක් යටතේ අධ්‍යයන කටයුතු යළි ආරම්භ කෙරෙන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *