නඩරාජා සේතුපරන් නමැති LTTE සංවිධානයේ නෝර්වේ ප්‍රධාන සංවිධායක සහ මාධ්‍යවේදියෙක් වන පුද්ගලයකු කටුනායක ගුවන්තොටුපලේදී අද (22) අළුයම ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මීට මාස කිහිපයකට පෙර ශ්‍රී ලංකාවට පැමිණි සේතුපරන් නමැත්තා අවස්ථා ගණනාවකදී මෙරට ආරක්ෂක අංශ විසින් ප්‍රශ්න කිරීම්වලටද ලක්කර ඇති බවට වාර්තා වේ.
කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් යළි නෝර්වේ බලා යාමට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණි ඔහුට රටින් පිටව යාමට නොහැකි බවත්, තවදුරටත් ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට පොලීසියට අවශ්‍ය බවත් ගුවන්තොටුපල ආගමන විගමන නිලධාරීන් එහිදී ප්‍රකාශ කර තිබේ. ඒ අනුව ඔහු අද අලූයම 2.00 ට පමණ ත්‍රස්ත විමර්ශන ඒකකයට යොමු කෙරුණා.
යාපනයේ පදිංචි ආරියගුණරාජා සෙල්වා නමැත්තකු විසින් කන්කසන්තුරේ පොලීසියට කරන ලද පැමිණිල්ලක් අනුව මෙම පියවර ගත් බවටයි වාර්තා වන්නේ.