කෙසෙල්වත්තේ 1,010 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වෙතට යොමු කෙරේ

අද වාර්තා වූ කොවිඩ්-19 සාදිතයින් 06 දෙනාගෙන් පස්දෙනෙකුම කොළඹ 12, බණ්ඩාරනායක මාවත ප‍්‍රදේශයේ නිරෝධායනයට ලක් වෙමින් සිටි පිරිස අතරින් වාර්තා වූ බවට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අතර කරණවෑමියෙකු ද වන බවට වාර්තා වේ.

එමෙන්ම ඉකුත් දින කිහිපයේදී කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් වැඩිම පිරිසක් වාර්තා වූ කොළඹ 12, කෙසෙල්වත්ත ප‍්‍රදේශයේ පුද්ගලයින් 1,010 දෙනෙකු අද යුධ හමුදාවේ නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන යනු ලැබුවා.

මේ අතර, ඊයේ දිනයේදී බොරලැස්ගමුව සහ පිළියන්දලින් සොයාගත් කොරෝනා ආසාදිතයින් දෙදෙනාගේ පවුල්වල සාමාජිකයින් සහ ඔවුන් දෙදෙනා ඇසුරු කළ පිරිසක් ද නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට කටයුතු කළ බවයි යුධ හමුදාපතිවරයා පවසා සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *