රට දැය වෙනුවෙන් දිවි පරදුවට තබා ඇස්, ඉස්, මස්, ලේ දන් දුන්න රණවිරුවන්ව පාවා නොදෙන්නා සේම ජාත්‍යන්තරයට අවශ්‍ය නම් රණවිරුවන් වෙනුවෙන් තමා විදුලි පුටුවට වුව යන්න ලැහැස්ති බව නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතා ප‍්‍රකාශ කළේය.
කුරුණෑගල, වාරියපොළදී පැවැති ජනහමුවක් අමතමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
රණවිරුවන් අපි පාවලා දෙන්නේ නැහැ. මේ රණවිරුවන්ව අපි විදුලි පුටුවට යවන්නේ නැහැ. ජාත්‍යන්තරයට අවශ්‍ය නම් මේ සජිත් පේ‍්‍රමදාස එතනට යන්න ලැහැස්තියි. විපක්ෂයේ අය වගකීම භාරගන්න බය වෙලා. ඒක නායකත්වයක ලක්ෂණ නොවෙයි. මේ රටට අවශ්‍ය යකඩ නායකත්වයක්, අයෝමය නායකත්වයක්. ඒ යකඩ නායකත්වය, ඒ අයෝමය නායකත්වය සජිත් පේ‍්‍රමදාස දෙන්න ලැහැස්තියි. ධාරානිපාත වර්ෂාව මැද්දේ මේ රැුඳී සිටින්නේ රට රැුක්ක රට ආරක්ෂා කළ මුතුන් මිත්තන්ගෙන් පැවත එන පිරිසක්. ඒ පිරිස කිසි දවසක රට පාවා දෙන්නේ නැහැ යැයි හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.
divaina