5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම ඇරඹේ

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම ඊයේ (20) ආරම්භ කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග කොමසාරිස් ජනරාල් ඉන්දික ලියනගේ මහතා සඳහන් කළේ පිළිතුරු පත්‍ර ඇගයීම අගෝස්තු 25 වැනිදා දක්වා සිදුකිරීමට නියමිත බවයි.

මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 9 වැනිදා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,723කදී පැවැත්විණි.

විභාග ප්‍රතිඵල මාසයක් ඇතුළත නිකුත් කිරීමට අපේක්ෂා කරන බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.

මේ අතර, අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම සැප්තැම්බර් 3 වැනිදා ආරම්භ කිරීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *