නිදහස් කර ගැනීමට නොහැකි වූ ආහාර ද්‍රව්‍ය තවමත් වරායේ

නිදහස් කර ගැනීමට නොහැකිව වරායේ රදවා ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිදහස් කර ගැනීමට මහ බැංකුව කඩිනමින් මැදිහත් වනු ඇතැයි අපේක්‍ෂා කරන බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

එම අත්‍යවශ්‍ය ආහාර තොග වහාම නිදහස් කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා, ආනයන අපනයන පාලක ජනරාල්වරියට සහ රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට ඉකුත්දා නියෝග කළේය.

ඒ, ජීවන වියදම් පිළිබද අමාත්‍ය මණ්ඩල අනුකාරක සභා රැස්වීමේදීය.

ඒ අනුව තමන් සතු ලියකියවිලි වෙළද අමාත්‍යාංශයට භාරදුන් බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න පැවසුවේය.

ඒ අනුව මෙම සතිය තුළ සිය අත්‍යවශ්‍ය භාණ්ඩ අයත් බහාලුම් නිදහස් කර ගැනීමට හැකිවනු ඇතැයිද ඔහු සදහන් කළේය.

ඉදිරියේදී අපනයනය කෙරෙන අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සදහා ද විසදුමක් ලබාදිය යුතු බව මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *