26 සිට 30 දක්වා මහනුවරට විශේෂ දුම්රිය

මහනුවර ඇසළ මංගල්‍යය වෙනුවෙන් මහනුවරට පැමිණෙන ජනතාවගේ පහසුව සඳහා විශේෂ දුම්රිය 4ක් යොදවා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. හෙට (26) සිට අගෝස්තු 30 දක්වා විශේෂ දුම්රිය සේවාවක් ක්‍රියාත්මක බව දුම්රිය ගමනාගමන අධිකාරී එම්.ජේ.ඉඳිපොලගේ මහතා පවසයි.

කොළඹ කොටුවේ සිට මහනුවර දක්වාත් නැවත කොළඹ කොටුව දක්වාත් දුම්රිය යොදවා තිබෙනවා.

උත්සවය නිමවී පිටත්ව යන ජනතාව සඳහා මහනුවර සිට මාතලේ දක්වාත්, මහනුවර සිට නාවලපිටිය දක්වාත්, මහනුවර සිට කොළඹ කොටුව දක්වාත් දුම්රිය ධාවනය කෙරෙන බව ඉඳිපොලගේ මහතා සඳහන් කළේය. සිව්වන කුඹල් පෙරහැර ඊයේ (24) රාත්‍රියේ පැවැත්විණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *