22 වැනි සංශෝධනයට එරෙහි පෙත්සම් 9ක් මේ වනවිට කථානායකවරයාට

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කර ඇති තවත් පෙත්සම් දෙකක පිටපත් ලැබී ඇති බව කථානායක ජගත් වික්‍රමරත්න පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

අගෝස්තු 19 සහ 20 යන දිනවලදී පෙත්සම් හතක පිටපත් මීට පෙර ලැබී තිබූ බව කථානායකවරයා සඳහන් කළේය.

ඒ අනුව අගෝස්තු 19 වැනිදා පෙත්සම් තුනක පිටපත්ද, අගෝස්තු 20 වැනිදා තවත් පෙත්සම් හතරක පිටපත්ද ලැබී තිබූ බව ඔහු පැවසීය.

ලැබුණු නව පෙත්සම් දෙකද සමඟ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අභියෝග කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම් 9ක පිටපත් මේ වනවිට කථානායකවරයා වෙත ලැබී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *