LK reports news sinhala

මහජන ප්‍රීති ඝෝෂා මැද ගෝඨාභය ජනපති අපේක්ෂකත්වයට පත්වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමඛ සන්ධානයේ ජනපති අපේක්ෂකයා වන්නේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ප්‍රකාශ කරනු ලැබීය.

ඒත් සමගම රට පුරා රතිඤ්ඤා දල්වමින් පොදුජන පෙරමුණු පාක්ෂිකයෝ ප්‍රීති ඝෝෂා කරන්නට විය.

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී අද(11) ආරම්භ වූ පොදුජන පෙරමුණු ජාතික සම්මේලනයට එක්වෙමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය බාරගත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ජනතාව ඉල්ලන නායකයා ගෝඨාභය රාජපක්ෂ බවත් විනය ගරුක රටක් සෑදීය හැක්කේද ජාතික ආරක්ෂාව තහවුරු කළ හැක්කේද ක්‍රියාවෙන් එය ඔප්පු කර පෙන්වා ඇති ගෝඨාභය රාජපක්ෂ මහතාට බවත් පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා හා පළාත් පාලන නියෝජිතයින් මෙන්ම විශේෂ ආරාධිතයින් සියලු දෙනාගේ ප්‍රීති ඝෝෂා මැද ජනපති අපේක්ෂක ලෙස සභාව ඇමතූ ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා සිටියේ ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වයට අතපෙවීමට කිසිවිටෙක ඉඩ නොතබන බවයි. එමෙන්ම තමාට මෙතෙක් පැවරූ වගකීම් ඉටුකළ අයුරින්ම මෙම වගකීමද ඉටුකරන බවට ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. එමෙන්ම තම මැතිවරණ ව්‍යාපාරය විනය ගරුකව ක්‍රියාත්මක කළ යුතු බවද පරිසරය විනාශවන පොලිතින්, ප්ලාස්ටික් වැනි දෑ මැතිවරණ ප්‍රචාරණයට යොදා නොගන්නා බවද ඒ මහතා ප්‍රකාශ කර සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *