LK reports news sinhala

කැලණිය විහාරාධිපති හිමියන්ගෙන් ගෝඨාට ආශිර්වාද

ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා බවට පත්වීම ශ්‍රී ලංකාවාසීන්ගේ භාග්‍යයක් බව කැලණිය රාජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්දසංඝරක්ඛිත හිමියෝ පැවසූහ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කිරීමෙන් පසු ඒ මහතා ඇතුළු පිරිස කැලණිය රජමහා විහාරය වැඳ පුදා ගැනීමට ගිය අවස්ථාවේදී සංඝරක්ඛිත හිමියෝ මේ බව සඳහන් කළහ.

කැලණිය රජමහා විහාරයේදී ආශිර්වාද පූජාවට සහභාගී වූ ජනපති අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරි දින කිහිපයේදීද රට වටා ඇති විහාරස්ථානවලිට ගොස් ආශිර්වාද ලබාගැනීමට නියමිතය.

මෙම අවස්ථාව මට නොහැර ගෙන මෙම බලවේගය වටා එක්වන ලෙස කැලණිය විහාරාධිපති හිමියෝ මෙරට සිංහල දෙමළ මුස්ලිම් සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින බවද එහිදී පැවසූහ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *