Wednesday, 18 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

2026 බුද්ධිමය දේපළ නියෝග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

ශ්‍රී ලංකා ජාතික බුද්ධිමය දේපළ කාර්යාලය විසින් සිය සේවාවන් සඳහා අය කරනු ලබන ගාස්තු සංශෝධනය කිරීමට රජය පියවර ගෙන ඇති අතර, ඊට අදාළ යෝජිත නියෝග අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

2026 අංක 01 දරන බුද්ධිමය දේපළ නියෝග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

කැබිනට් තීරණයට අනුව, ජාතික බුද්ධිමය දේපළ කාර්යාලය විසින් අය කරන ගාස්තු අවසන් වරට සංශෝධනය කර ඇත්තේ 2019 ඔක්තෝබර් මාසයේදී අංක 2146/37 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගිනි.

පවතින තත්ත්වයන්ට ගැළපෙන පරිදි දැනට පවතින ගාස්තු ව්‍යුහය යාවත්කාලීන කිරීම සඳහා රජය විසින් මෙම නව නියෝග හඳුන්වා දී ඇත. 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනතේ විධිවිධාන යටතේ සකස් කරන ලද 2026 අංක 01 දරන බුද්ධිමය දේපළ නියෝග, 2026 ඔක්තෝබර් 06 වැනි දිනැති අංක 2509/17 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කර තිබේ. සංශෝධිත ගාස්තු ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියේ කොටසක් ලෙස එම නියෝග දැන් අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත.

ඔබේ අදහස