මත්ද්‍රව්‍ය ජාවාරම් සැකකරු ‘ලාරා’ සතු කෝටි 5 ක නිවසේ භාවිතය අත්හිටුවයි

තංගල්ල, වීරකැටිය ප්‍රදේශයේ පදිංචි “ලාරා” නමින් හඳුන්වන සැකකාර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට අයත් රුපියල් මිලියන 50 කට අධික වටිනාකමකින් යුත් නිවසක් භාවිත කිරීම නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් අත්හිටුවා (Freeze) තිබේ.
එම කොට්ඨාසය සඳහන් කරන පරිදි, අදාළ දේපළ මත්ද්‍රව්‍ය ජාවාරම් ක්‍රියාකාරකම්වලට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයාට අයත් වේ.
නීතිවිරෝධී ලෙස උපයාගත් බවට සැක කෙරෙන වත්කම් පිළිබඳ විමර්ශනවල කොටසක් ලෙස මෙම තහනම් නියෝගය මගින් අදාළ දේපළ භාවිත කිරීම සීමා කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.




