ළමා ආරක්ෂක පනත හා ජාතික ප්‍රතිපත්තිය ප්‍රථම වරට බ්‍රේල් ක්‍රමයෙන්

1998 අංක 50 දරන ජාතික ළමා ආරක්ෂක අධිකාරි පනත සහ ළමා ආරක්ෂාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට බ්‍රේල් (Braille) ක්‍රමයෙන් ලබාදීමට කටයුතු කර තිබේ.
කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක කෙරෙන මෙම පුරෝගාමී වැඩසටහන, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ (NCPA) කාර්යභාරය හා වගකීම් මෙන්ම ළමා ආරක්ෂාව පිළිබඳ ජාතික ප්‍රතිපත්ති රාමුව පිළිබඳ අත්‍යවශ්‍ය දැනුම වෙත සෘජු ප්‍රවේශය ලබාදීමෙන් දෘශ්‍යාබාධිත දරුවන් සවිබල ගැන්වීම අරමුණු කර ගෙන ඇත.
සියලු දෙනාම ඇතුළත් කර ගැනීමේ (Inclusivity) රජයේ කැපවීම ඉස්මතු කරමින් අමාත්‍යාංශය අවධාරණය කළේ, සියලුම දරුවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම තහවුරු කිරීම සහ කිසිදු වෙනස්කමකින් තොරව සෑම දරුවෙකුටම සිය අනුබද්ධ ආයතන හරහා ළමා ආරක්ෂාව පිළිබඳ තොරතුරු වෙත සමාන ප්‍රවේශයක් ලබාදීම මූලික අරමුණක් ලෙස පවතින බවයි.




