2026 විස්සයි විස්ස සත්කාරකත්වය ශ්‍රී ලංකාවට

2026 විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ සත්කාරකත්වය ඉන්දියාවට සහ ශ්‍රී ලංකාවට හිමිවන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිල වෙබ් අඩවිය ප්‍රකාශ කරයි.

මීට පෙර 2012 වසරේදී ද විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමිවිය.

එම තරගාවලියේ අනුශූරතාව ශ්‍රී ලංකාවට හිමි වූ අතර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම 2012 වසරේ විස්සයි විස්ස ලෝක ශූරයන් බවට පත්විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මීට පෙර පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගාවලි සත්කාරකත්වය දැරීමට සූදානම් බව දැනුම්දී තිබුනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *