හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සේවා කාලය දීර්ඝ කෙරේ

හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සේවා කාලය දීර්ඝ කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය සැලකිල්ලට ගෙන දැනට ස්ථීර හා තාවකාලික පදනමින් සේවයේ යෙදී සිටි මරණ පරීක්ෂකවරුන්ගේ සේවා කාලය 2021.12.31 වන දින දක්වා දීර්ඝ කර ඇත.

අධිකරණ අමාත්‍යවරයා විසින් එම තීරණය ගත් බව අමාත්‍යංශ ලේකම්, එම්.එම්.පී.කේ මායාදුන්න මහතා විසින් එම නිවේදනය නිකුත් කර තිබේ.

ඒ අනුව,
(I) 2021.08.01 වන දින සිට 2021.12.31 වනදා දක්වා වයස අවුරුදු 70 සම්පූර්ණ වු හෝ සම්පූර්ණ වීමට නියමිත හදිසි මරණ පරීක්ෂකවරුන්,

(II)2021.03.31 දිනෙන් අනතුරුව මුල් පත්වීම් කාලසීමාව හෝ සේවා දීර්ඝය අවසන් වී නමුත් සේවා දීර්ඝ කිරීම් මෙතෙක් ලැබී නොමැති හදිසි මරණ පරීක්ෂකවරුන්,

(III) 2021.12.31 දිනට ප්‍රථම දිනයක දී මුල් පත්වීම් කාලසීමාව හෝ සේවා දීර්ඝය අවසන්වීමට නියමිත හදිසි මරණ පරීක්ෂකවරුන්,

ඒ අනුව ඉහත I, II, හා III කාණ්ඩවලට අයත් හදිසි මරණ පරීක්ෂකවරුන්, 2021.12.31 වන දක්වා වන සේවා දීර්ඝ කිරීම් සඳහා මෙම අමාත්‍යාංශය වෙත ඉල්ලුම් පත් යොමු කිරීමට අවශ්‍ය නොවේ.

කෙසේවුවද, 2021.12.31 දිනෙන් ඔබ්බට සේවා දීර්ඝ කිරීම් සඳහා වන ඉල්ලුම්පත්‍ර සාමාන්‍ය විධිවිධාන පරිදි මෙම අමාත්‍යාංශය වෙත යොමුකළ යුතුය.

විනය හේතූන් හෝ වෙනත් හේතූන් වත සේවා දීර්ඝ ලබානොදෙන බවට ලිඛිතව මෙම අමාත්‍යාංශය විසින් දැනුම් දී ඇති හදිසි මරණ පරීක්ෂකවරුන් සම්බන්ධයෙන් මෙම චක්‍රලේඛ විධිවිධාන අදාළ නොවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *