ගල්අඟුරු ආනයනය සහ විදුලි උත්පාදනය සම්බන්ධයෙන් සිදුවී ඇතැයි සැලකෙන අක්රමිකතා හෝ නීතිවිරෝධී ක්රියාකාරකම් පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පත්කර ඇති ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ කාලය 2026 දෙසැම්බර් 16 වැනිදා දක්වා දීර්ඝ කර තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනයක් මගින් මෙම කාලය දීර්ඝ කිරීම සිදුකර ඇත.
කොමිෂන් සභාවේ නිල කාලය මීට පෙර අවසන් වීමට නියමිතව තිබුණේ 2026 ඔක්තෝබර් 16 වැනිදාය. නව තීරණයත් සමඟ එහි විමර්ශන කටයුතු ඉදිරියට පවත්වාගෙන යාම සඳහා තවත් මාස දෙකක කාලයක් හිමි වේ.
අදාළ ගැසට් නිවේදනය ජනාධිපතිවරයා විසින් 2026 අප්රේල් 17 වැනිදා නිකුත් කර තිබේ.


