ලබන සතියේ සිට අනෙකුත් ශ්‍රේණි සඳහා පාසල් යළි විවෘත කෙරේ, උපකාරක පන්ති අද සිට

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද නව මාර්ගෝපදේශ මාලාවකට අනුව අ.පො.ස සාමාන්‍ය පෙළ (සා.පෙළ) සහ උසස් පෙළ (උ.පෙළ) උපකාරක පන්ති අද (17) සිට ආරම්භ කිරීමට අවසර ලැබේ.

ඒ අනුව අ.පො.ස සා.පෙළ සහ උසස් පෙළ සිසුන් සඳහා පමණක් පෞද්ගලික උපකාරක පන්ති ආයතනයේ මුළු ආසන ධාරිතාවෙන් 50%කින් ආරම්භ කිරීමට අවසර ලැබේ.

දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව විභාග පැවැත්වීමට ද නව මාර්ගෝපදේශ මාලාවෙන් ඉඩ සැලසේ.

මේ අතර රජයේ පාසල්වල දැනට විවෘතව නොමැති අනෙකුත් සියලුම ශ්‍රේණි ලබන සතියේ විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

මේ වන විට සියලුම රජයේ පාසල්වල ප්‍රාථමික හා ඉහළ පන්ති ආරම්භ කර ඇති අතර දැනට විවෘතව නොමැති 6, 7, 8 සහ 9 ශ්‍රේණි ලබන සතියේ විවෘත කරන බවද අමාත්‍යවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *