2026 දී මත්ද්‍රව්‍ය භාවිතා කර හසු වූ රියදුරන්ගේ සංඛ්‍යාව ඉහළ යයි

මේ වසරේ ජනවාරි 1 වන දින සිට ඊයේ (29) දක්වා බීමතින් රිය පැදවීම සම්බන්ධයෙන් රියදුරන් හැටපන්දහසක් අත්අඩංගුවට ගෙන ඇති බව රථවාහන පාලන සහ මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර මහතා පැවසීය.

මත්පැන් පානයට අමතරව, මෙම කාලය තුළ සිදු කරන ලද මෙහෙයුම් මගින් අයිස්, හෙරොයින්, කොකේන්, ගංජා සහ හෂිෂ් වැනි මත්ද්‍රව්‍ය භාවිතා කර රිය පැදවූ රියදුරන් 8,500 ක් අත්අඩංගුවට ගෙන ඇති බව නියෝජ්‍ය පොලිස්පතිවරයා තවදුරටත් පැවසීය.

2025 මුළු වසර පුරාම මත්ද්‍රව්‍ය භාවිතා කර රිය පැදවූ රියදුරන් 500 ක් පමණක් අත්අඩංගුවට ගෙන ඇති අතර, 2024 දී එම සංඛ්‍යාව 88 ක් පමණක් බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *