2025/2026 ආදායම් බදු වාර්තා භාරදීමේ අවසන් දිනය නොවැම්බර් 30

2025/2026 තක්සේරු වර්ෂය සඳහා වන ආදායම් බදු වාර්තා ඉදිරිපත් කිරීමේ අවසන් දිනය 2026 නොවැම්බර් 30 වැනිදා බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) බදු ගෙවන්නන් වෙත සිහිපත් කර තිබේ.
සංගත ආදායම් බදු (CIT), හවුල් ව්‍යාපාර ආදායම් බදු (PIT) සහ පුද්ගල ආදායම් බදු (IIT) වාර්තා යන සියල්ල මෙම සිහිකැඳවීමෙන් ආවරණය කෙරේ.
දඩ මුදල්වලට ලක්වීම වළක්වා ගැනීම සඳහා නියමිත අවසන් දිනයට පෙර සිය බදු වාර්තා ගොනු කරන ලෙස දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද මෙම නිවේදනය මගින් බදු ගෙවන්නන්ගෙන් ඉල්ලා සිටිනු ලැබේ.




