මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ සියලු සේවාවන් බාධාවකින් තොරව සිදුවේ

මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ (DMT) නිල වෙබ් අඩවියට රාත්රී කාලයේදී සයිබර් ප්රහාරයක් එල්ල වුවද, සිය දින වෙන්කර ගැනීමේ (Appointment) සේවාවන් තවදුරටත් ක්රියාත්මක බව එම දෙපාර්තමේන්තුව මහජනතාවට සහතික වී තිබේ.
ඒ අනුව, ඉදිරි දින සඳහා වේලාවන් වෙන්කර ගැනීමට මහජනතාවට පහත ක්රමවේද භාවිත කළ හැකිය:
මාර්ගගත ද්වාරය (Online Portal): https://dmtappointments.dmt.gov.lk
දුරකථන අංකය: 0112 117 116
තම සියලුම සේවාවන් බාධාවකින් තොරව අඛණ්ඩව ක්රියාත්මක වන බව ද මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර ඇත.




