2023 අයවැය විවාද වැඩසටහනට කැබිනට් අනුමැතිය…

2023 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අදාළ පාර්ලිමේන්තු ගමන් මාර්ගය සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

2023 මුදල් වර්ෂය සඳහා වන අයවැය විවාදය සඳහා යෝජිත වැඩසටහන අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා අග්‍රාමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලදී.

එමගින්, පහත වැඩසටහනට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි විය.

  • අයවැය කතාව (විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම): 2022 නොවැම්බර් 14
  • අයවැය දෙවන වර කියවීමේ විවාදය: 2022 නොවැම්බර් 15 සිට නොවැම්බර් 22 දක්වා (දින 07)
  • අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය: 2022 නොවැම්බර් 23 සිට 2022 දෙසැම්බර් 08 දක්වා
  • අයවැය ඡන්ද විමසීම : 2022 දෙසැම්බර් 08

Leave a Reply

Your email address will not be published. Required fields are marked *