මෙම වසරට අදාළ ඡන්ද හිමි නාමලේඛනයේ ප්‍රතිශෝධන කටයුතු 80% ක් පමණ මේ වන විට අවසන් කර ඇති බවත් එම නාමලේඛණය සඳහා අත්සන් තැබීම අප්‍රේල් මස 30 වැනිදා වන විට සිදුකිරීමට හැකි බවත් කොමිෂන් සභාව පවසයි.
එහි සභාපති නීතීඥ නිමල් ජි.පුංජිහේවා මහතා සදහන් කරන්නේ ඡන්ද නාමලේඛන ප්‍රතිශෝධනය සම්බන්ධයෙන් ලැබුණු විරෝධතා මේ වන විට පරීක්ෂා කරමින් සිටින බවයි.
මන්නාරම සහ වව්නියාව ප්‍රදේශවලට පමණක් විරෝධතා ගොනුකිරීම සඳහා ඊයේ (19) දිනයේ සිට බලපැවැත්වෙන පරිදි තවත් දින 10ක කාලයක් ලබාදීමට කොමිෂන් සභාව තීරණය කළ බවත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පවසා සිටියා.
ඡන්ද හිමි නාමලේඛනයේ තම නම ඇතුළත් වී ඇත්ද යන්න පරීක්ෂා කිරීමට මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවියට පිවිසීමෙන් දැනගත හැකි බවද මැතිවරණ කොමිසමේ සභාපති නිමල් ජී.පුංචිහේවා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.