2019 ඝාතන නඩුවකට මරණ දඬුවම් නියම වූ පුද්ගලයෙකු සොයා පොලිස් මහජන සහාය පතයි

2019 වසරේ සිදුවූ ඝාතන සිද්ධියකට වරදකරු වී මරණ දඬුවම් නියම වූ රාගම ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකු සොයා ගැනීම සඳහා පොලීසිය මහජන සහාය ඉල්ලා තිබේ.

රාගම පොලිස් වසමේ වල්පොළ ප්‍රදේශයේ කාන්තාවක ඝාතනය කිරීම සම්බන්ධයෙන් අදාළ පුද්ගලයා වරදකරු බවට තීරණය කිරීමෙන් අනතුරුව මීගමුව මහාධිකරණය විසින් ඔහුට මරණ දඬුවම නියම කර තිබේ.

විත්තිකරු අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ විධිවිධාන යටතේ ඔහු නොමැතිව මෙම දඬුවම නියම කර ඇති බව පොලීසිය සඳහන් කරයි.

අදාළ පුද්ගලයා පිළිබඳ තොරතුරක් වෙතොත් පහත දුරකථන අංක ඔස්සේ පොලීසිය දැනුවත් කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා තිබේ.

  • රාගම 2 පොලිස් ස්ථානාධිපති: 071 859 1604
  • අපරාධ අංශ ස්ථානාධිපති: 071 962 7561

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *