සුඛෝපභෝගී මෝටර් රථයකින් ගංජා තොගයක් ප්රවාහනය කරමින් සිටි තරුණ යුවළක් ආරච්චිකට්ටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පුත්තලම–හලාවත මාර්ගයේ බත්තුළුඔය පොලිස් මුරපොළේදී සිදුකළ පරීක්ෂාවකදී මෝටර් රථය තුළ සඟවා තිබූ ගංජා කිලෝග්රෑම් 17යි ග්රෑම් 985ක් සොයාගෙන ඇති අතර, එහිදී සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් 26 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු සහ 22 හැවිරිදි කාන්තාවක වන අතර, ඔවුන් දෙදෙනාම රාජාංගණය ප්රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය සඳහන් කරයි.
පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අදාළ ගංජා තොගය තණමල්විල ප්රදේශයේ වගාකර ඇති බවයි.
සැකකරුවන් දෙදෙනා අද පුත්තලම මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


