20 ත් 30 ත් අතර පිරිසෙන් 18% කට පමණ එන්නත් මාත්‍රා දෙකම

වයස අවුරුදු 20 ත් 30 ත් අතර පිරිසෙන් සියයට 18 ක් මේ වනවිට කොරෝනා මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.

එම වයස් ඛාණ්ඩයට අයත් පිරිසෙන් සියයට පනහකට ආසන්න පිරිසක් මේ වනවිට පළමු මාත්‍රාව ලබාගෙන ඇති බව අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ සදහන් කළේය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම යටතේ ෆයිසර් එන්නත් මාත්‍රා ලක්‍ෂ 4 ක් ඊයේ දිනයේ මෙරටට ලබාදුන් අතර එම අවස්ථාවට එක්වෙමින් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කටුනායක ගුවන් තොටුපොලේදී මෙම අදහස් පළ කළේය.

ඉකුත් 30 වනදාද ෆයිසර් එන්නත් මාත්‍රා ලක්‍ෂ 4 ක් මෙරටට ලැබි තිබුණි.

මේ අතර මෙරට පුද්ගලයන් 72,475 දෙනෙකුට කොරෝනා මර්දන එන්නතක කුමන හෝ මාත්‍රාවක් ඊයේ දිනයේදී ලබාදී තිබෙනවා. ඉන් පුද්ගලයන් 40,085 දෙනෙකුට ලබාදී ඇත්තේ සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව බව වසංගත රෝග වෛද්‍ය  අංශය සදහන් කර සිටී.

අද දිනයේද දිවයිනේ ප්‍රදේශ රැසකදී එන්නත්කරන වැඩසටහන ක්‍රියාත්මක විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *