Wednesday, 4 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

රිජ්වේ, කළුබෝවිල ඇතුළු රෝහල් 5ක පරිපාලනය වෙනස් වෙයි

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල, කළුබෝවිල, රාගම, පේරාදෙණිය සහ මඩකලපුව යන ශික්ෂණ රෝහල් ඇතුළු මෙරට ප්‍රධාන රෝහල් පහක් (05) සඳහා නව අධ්‍යක්ෂවරුන් පත්කර තිබේ.

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සෞඛ්‍ය සේවා කමිටුවේ අනුමැතිය මත මෙම පත්වීම් සිදුකර ඇති අතර, ඊට අදාළ නිල පත්වීම් ලිපි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් පසුගිය සඳුදා (02) සෞඛ්‍ය අමාත්‍යාංශයේදී නිලධාරීන් වෙත පිරිනමන ලදී.

අලුතින් පත්කළ රෝහල් අධ්‍යක්ෂවරුන්:

  • කළුබෝවිල ශික්ෂණ රෝහල: ඩබ්ලිව්. එම්. යූ. එස්. විජේමන්න මහතා

  • රාගම ශික්ෂණ රෝහල: ඩී. ඒ. කේ. පෙරේරා මහතා

  • කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල: ඩබ්ලිව්. ඒ. පී. පී. රත්නසේකර මහතා

  • මඩකලපුව ශික්ෂණ රෝහල: ජී. සුකුණන් මහතා

  • පේරාදෙණිය ශික්ෂණ රෝහල: ඩබ්ලිව්. එම්. සී. එම්. විජේසිංහ මහතා

වහාම ක්‍රියාත්මක වන පරිදි සිදුකර ඇති මෙම පත්වීම් හරහා දිවයිනේ ප්‍රමුඛතම රෝහල් පද්ධතියේ පරිපාලන කාර්යක්ෂමතාව සහ සත්කාරක සේවාවන්හි ගුණාත්මකභාවය තවදුරටත් ඉහළ නැංවීම අපේක්ෂා කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මෙම පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.

ඔබේ අදහස