17 දෙනෙකුගෙන් යුත් නව කැබිනට් මණ්ඩලය ප්‍රකාශයට පත් කරයි.

අමාත්‍යවරුන් 17 දෙනෙකුගෙන් සමන්විත නව කැබිනට් මණ්ඩලයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද පත් කර තිබේ.

නව කැබිනට් අමාත්‍යවරු 17 දෙනා ජනාධිපති මන්දිරයේ දී ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්හ.

අලුතින් පත් වූ අමාත්‍ය මණ්ඩලය පහත දැක්වේ.

දිනේෂ් ගුණවර්ධන: රාජ්‍ය සේවා, පළාත් සභා, සහ පළාත් පාලන.
ඩග්ලස් දේවානන්ද: ධීවර
රමේෂ් පතිරණ: අධ්‍යාපනය සහ වැවිලි කර්මාන්ත
ප්‍රසන්න රණතුංග: මහජන ආරක්ෂාව සහ සංචාරක ව්‍යාපාරය
දිලුම් අමුණුගම: ප්‍රවාහන සහ කර්මාන්ත
කනක හේරත්: අධිවේගී මාර්ග
විදුර වික්‍රමනායක: කම්කරු
ජානක වක්කුඹුර: කෘෂිකර්මය සහ වාරිමාර්ග
ෂෙහාන් සේමසිංහ: වෙළෙඳ සහ සමෘද්ධි සංවර්ධන
මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා: ජල සම්පාදන
විමලවීර දිසානායක: වනජීවී සහ වන සම්පත් සංරක්ෂණය
කාංචන විජේසේකර: බලය සහ බලශක්තිය
තේනුක විදානගමගේ: ක්‍රීඩා සහ යෞවන කටයුතු
නාලක ගොඩහේවා: මාධ්‍ය
චන්න ජයසුමන: සෞඛ්‍ය
නසීර් අහමඩ්: පරිසරය
ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්: වරාය සහ නාවික

Leave a Reply

Your email address will not be published. Required fields are marked *