වයස අවුරුදු 12ට අඩු ළමුන්ට එන්නත්දීම අවශ්‍ය නොවන බැවින් කොවිඩ් උවදුර සමනයවීමත් සමග පාසල් යළි විවෘත කිරීමේදී 1 සිට 5 ශ්‍රේණිවල පාසල් 3,884ක් මුල් අදියර යටතේ ආරම්භ කිරීමට අධ්‍යාපන බලධාරීන් තීරණය කර තිබේ.
පාසල් යළි විවෘත කිරීම සම්බන්ධව ජනතාව දැනුවත් කිරීම සඳහා රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව අද සංවිධාන කර තිබූ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් අධ්‍යාපන ලේකම්වරයා මේ බව පැවසීය.
ඒ අනුව ඉදිරියේදී අදියර 04ක් යටතේ පාසල් යළි විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.