ළමුන් 200 ට අඩු පාසැල් වල 1 සිට 5 වසර දක්වා ප්‍රාථමික අංශ ඔක්තෝබර් 21 ඇරඹීමට තීරණ

පළාත් සභා යටතේ පාලනය වන ළමයින් 200ට අඩු පාසල්වල ප්‍රාථමික අංශයේ අධ්‍යාපන කටයුතු ඔක්තෝබර් 21 වනදා සිට ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

පළාත් ආණ්ඩුකාරවරු විසින් ඊට අදාළ තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

මේ අනුව 1 සිට 5 දක්වා ශ්‍රේණි සඳහා පළමු අදියර තුළ ආරම්භ කෙරෙන පාසල් සංඛ්‍යාව 3,000 කි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය රෙගුලාසි හා පාසල් සෞඛ්‍ය මාර්ගෝපදේශ මත මෙම පාසල් නැවත ආරම්භ කිරීමේ කටයුතු සිදුවෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *