හේමසිරිට සහ පූජිත්ට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුව අවසන්

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට ​​එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩුවේ කටයුතු ඊයේ (27) අවසන් විය.

2019 වසරේ පාස්කු ඉරුදින කතෝලික දේවස්ථාන සහ තරු හෝටල් ඉලක්ක කර මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවක් පෙර තොරතුරු ලැබී තිබියදී එය වැළැක්වීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට ​​සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට චෝදනා එල්ල වී තිබෙනවා.

මෙම නඩුව ඊයේ කොළඹ වැඩබලන මහේස්ත්‍රාත් සංජය ගමගේ මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර යන සැකකරුවන්ට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ නඩුවක් පවරා ඇති බවයි.

ඒ අනුව ඔවුන්ට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුව අවසන් කරන ලෙස රහස් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් වැඩබලන මහේස්ත්‍රාත්වරයා හේමසිරි ප්‍රනාන්දුට සහ පූජිත් ජයසුන්දරට ​​එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුව අවසන් කිරීමට නියෝග කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *