හෙද සංගමය හෙට දිනයේදී වැඩ වර්ජනයක් ඇරඹීමට කටයුතු සූදානම් කරයි

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් හෙට දිනයේදී අසනීප නිවාඩු වාර්තා කර වර්ජනයක් ආරම්භ කිරීමට සමස්ථ ලංකා හෙද සංගමය සූදානම් වේ.
කොවිඩ් මර්ධන කටයුතුවල නිරතව සිටින හෙද කාර්යමණ්ඩල සදහා ආරක්ෂිත ඇදුම් කට්ටල ප්‍රමාණවත් ලෙස ලබා දි නොමැති බවට ඔවුන් චෝදනා කරයි.

මෙම ඉල්ලීම ඇතුලු තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් හෙට පෙරවරු 7 සිට පසුදින පෙරවරු 7 දක්වා අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව සමස්ථ ලංකා හෙද සංගමයේ ප්‍රධාන ලේකම් එච්.එම්.එස්.ජී මැදිවත්ත සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *